NVQ Level 4 RPL Application
ජූලි 2, 2022 2022-07-02 11:28NVQ Level 4 RPL Application
NVQ Level 4 RPL Application
ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පිරිනැමීම –
National Vocational Qualification (NVQ) – Recognition of Prior Learning (RPL)
ඔබගේ රැකියාව මෙතෙක් කල් පැවතුණේ ඔබේ දක්ෂතාවය හා නිපුණතාවය මතය. ඔබේ නිපුණතාවයට ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති සහතිකයක් ලබා දීම NVQ-RPL වැඩසටහන මගින් සැදුවේ.
NVQ RPL සහතික පත්‍ර පරීක්ෂණය අපේක්ෂකයින් දස දෙනා(10) බැගින් වූ කණ්ඩායම් වශයෙන් සිදුරන අතර පරීක්ෂණයට ප්‍රථම වැඩසටහනේ පෙළගැස්ම සහ ඇගයීමට ලක් කරන විෂය කරුණු පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබේ.
——————————————————–
විශේෂත්වය.
i. මෙම සහතිකය ලබා ගැනීමට වෘත්තීය පළපුරුද්ද පමණක් අවශ්‍ය වේ. මෙය ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති සහතිකයක් බැවින් විදේශ රැකියාවකට වුවද යාමේ අවස්ථාව සැලසේ.
ii. මෙමගින් ජාතික ඩිප්ලෝමා හෝ උපාධි මට්ටමේ සුදුසුකම් දක්වා යා හැකි බැවින් ඔබට අභිමානයෙන් යුතුව වෘත්තීය මග සැළසුම් කර ගත හැක.
iii. ඔබ රැකියාව කරන ස්ථානයේ දී හෝ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරය නම් කරන පුහුණු මධ්‍යස්ථානයක දී ඔබගේ නිපුණතාවය / හැකියාව සහතික කරවා ගත හැක.
——————————————————–
NVQ (RPL) ඇගයීම් පරීක්ෂණය සඳහා අවශ්‍ය සුදුසුකම, NVQ Level 3/4-
i. අවු. 4ට වැඩි අයදුම්කරන වෘත්තයට අදාළව සේවා කාලය සම්පුර්ණ කර තිබිය යුතු ය.
( අවු. 4කට නො අඩු අදාළ ක්ෂේත්රයේ සේවා කාලයක් හෝ/
අවු 4කට නොඅඩු අදාළ ක්ෂේත්රයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හෝ/
ඉහත ආකාර දෙකෙහිම එකතුවෙන් අවු. 4කට නොඅඩු වන ලෙස ක්ෂේත්රයේ නියැලී තිබීම.)
හෝ
ii. තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්නම් (6 මාසික/පැය720) ක පූර්ණ කාලීන පාඨමාලාවෙන් පසු අවු. 3ක සේවා කාලයක් සම්පුර්ණ කර තිබිය යුතුය.
(අවු. 1ක පූර්ණ කාලීන පාඨමාලාවෙන් පසු අවු. 3 සේවා කාලයක් සම්පුර්ණ වී තිබිය යුතු ය./අවු 2 ක පූර්ණ කාලීන පාඨමාලාවෙන් පසු අවු. 2 සේවා කාලයක් සම්පුර්ණ වී තිබිය යුතුය.)
——————————————————–
ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලිපි ලේඛන
i. ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් ,
ii. අයදුම්කරන වෘත්තයට අදාළව සේවය කරන බවට තහවුරු කළ සේවා සහතිකයේ ඡායා පිටපතක් හෝ සේවා කාලය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකයක්,
හෝ
iii. අයදුම්කරන වෘත්තයට අදාලව ව්‍යාපාරයක් කර ගෙන යන්නේ නම්, ව්‍යාපාර ලියාපදිංචි කැරීමේ සහතිකයේ ඡායා පිටපතක් සමඟ ව්‍යාපාරය සක්‍රියව කරන බවට තහවුරු කළ ග්‍රාම නිලධාරි සහතිකයක්,
(සියළුම ඡායා පිටපත් සාම විනිසුරු විසින් සත්‍ය පිටපත් බවට සහතික කළ යුතුය)
——————————————————–
ආයෝජනය
මෙම විශේෂ වැඩසටහන යටතේ ඔබට ලියාපදිංචි වීම සඳහා අයැදුම් පතෙහි පසු පිටෙහි සඳහන් වගුවේ අංක 1,2 යටතේ වූ ගාස්තු ගෙවිය යුතු අතර න්‍යායික පරීක්ෂණ පවත්වන වෘත්තීන් සඳහා පමණක් NVQ Level 4 ලබා ගැනීමට ලියාපදිංචි වීමේ දී අංක 1,2,3 දරණ ගෙවීම් කළ යුතුය.
සම්පුර්ණ කරන ලද අයදුම්පත් බැංකු රිසිට්පත් වල මුල් පිටපත් සමඟ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමෙන් හෝ පැමිණ භාරදිමෙන් RPL පරීක්ෂණය සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ඇන.
සැ.යු. උක්ත ගිණුම් සඳහා තැන්පත් කරන ලද මුදල් නැවත ඔබ වෙත ගෙවනු නොලැබේ. තවද ඔබ අවසන් ඇගයීම් පරීක්ෂණයෙන් සමත් වී මාස 06ක් වනතුරුත් ඔබගේ සහතිකය නොලැබුණ හොත් වහාම දැනුවත් කර මාස 06ක් තුළ සහතිකය ලබා ගන්න.
අයදුම්පත් යොමු කිරීම
——————————————————–
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය
NVQ-RPL අංශය
නොං. 971,ශ්‍රී ජයවර්ධනපුර මාවත,
වැලිකඩ, රාජගිරිය
දුරකථන අංක-0112888783-5
http://www.naita.gov.lk/index.php/en/for-trainees/national-vocational-qualification-rpl–nvq.html
👇👇 අයදුම්පත් බාගත කර ගැනීමට👇👇
Application for NVQ – RPL Certificate 2022
https://drive.google.com/file/d/1bPQXqneYmuCUOVhGz8aXYq01fssYogqx/view?usp=sharing