Blog

NVQ කියන්නෙ මොකද්ද?

NVQ

NVQ කියන්නෙ මොකද්ද?

NVQ පාඨමාලවක් තෝරගන්නේ කොහොමද?

(මගේ අදහස): ගොඩක් අයට ඇත්තටම ලොකුම ප්‍රශ්නයක් තමයි මන් මොකද්ද කරන කෝස් එක කියලා! මුලින්ම NVQ ගැන චුට්ටක් කියන්නම්!

මොකද්ද මේ NVQ කියන්නෙ?

National Vocational Qualification ( ජාතික වෘත්තීය සුදුසුකම )
සිංහල තේරුම් ගන්න පුලුවන්නම් ඔය වචන තුන හරියටම තේරුම බැලුවාම උනත් පහසුවෙන් තේරුම්ගන්න පුලුවන් මේ කියන්නෙ රටේම පිලිගන්න, වෘත්තීය සුදුසුකමක් කියන එක!

NVQ එක්ක නිතරම ඇහෙන මේ TVEC කියන්නෙ මොකක්ද?

ඉතින් රටම පිලිගන්න සුදුසුකමක් නිසා,
ඒකට රටම පිලිගන්න සම්මත රාමුවකට යටත් , ක්‍රමවේදයක් , සම්මතයක්, විශය නිර්දේශයක් අවශ්‍ය වෙනව. අන්න ඒ සම්මතයන් එහෙමත් නැත්නම් NCS (National Compitency standard ) නිර්මාණය කරල, ඒව හරියට වෙනවද, ඒවා අනුගමනය කරනවද, කියල බලලා අනුව විභාගය පවත්වල නිපුනතාවය ඇගයීමට ලක් කරල NVQ සහතිකය නිකුත් කරන ආයතනය තමයි TVEC (Tertiary and Vocational Education Commision) එහෙමත් නැත්නම් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව!
www.tvec.gov.lk
නිපුනතා සම්මතයට අදාල පාඨමාලා අන්තර්ගත unite පහල ලින්ක් එකෙන් බලාගන්න!
http://mail.tvec.gov.lk/nvq/standards.htm
ඉතින් ඔයාල ඔය දන්න NVQ දෙනව කියන හැම රජයේ හෝ පුද්ගලික ආයතනයක්ම මේ TVEC යටතේ ලියාපදිංචිය ලබල තියෙන්න ඕනේ! එහෙම නැත්නම් එයාලට NVQ සහතික නිකුත් කරන්න බෑ!
හරියට අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ තියෙන පාසලක්නෙවෙයිනම් එයාලට අ පො ස සාමාන්‍ය පෙල හෝ උසස්පෙල ලියන්න බෑ වගේ තමා!
කෙනෙක් privet ලිව්වත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා තමා ලියන්න වෙන්නේ.
හරි දැන් TVEC ගැනත් දන්නව ඔයාලා!
මොකද්ද මේ
LEVELs

NVQ සුදුසුකම මට්ටම් කීපයක් තියෙනවා!

Level 01, 02, 03… 07 දක්වා
මේවා මේ විදියටත් අර්ත දක්වනව
Level 1- ආරම්භක / මූලික හැකියාව
Level 2- පුරුදු කාර්‍යන් කිරීම
Level 03- නුපුරුදු කාර්‍යන් කිරීම
Level 04- ස්වාධීනව කටයුතු කිරීම
Level 05- අධීක්ෂණය
Level 06- කලමනාකරණය
Level 07 – සැලසුම් කරනය හා නිර්මාණකරනය

තවත් විදියකටත් අර්ත දක්වනවා!

Level 01, 02, 03, 04 – Certificate
Level 05- Diploma
Level 06- Higher National Diploma
Level 07- Degree

ඉතිං කොහොම හරි ඔන්න ඕව තමා මට්ටම් කියන්නෙ!
හරි දැන් බලමු කොහොමද තමන් හොද පාඨමාලාවක් තෝරගන්නෙ කියල!
මේක කාටවත් බාරදෙන්න හොද නෑ මොකද තමන් කැමති field එකක් තමා තෝරගන්න ඕනේ. ඒකට තමන්ගෙ කැමැත්ත මිසක් එහාගෙදර කෙනා දියුනු උන විදියවත්, හොදම යාලුවට හරි ගිය විදියවත්, පාසලේ පන්තියෙ සර් කිව්ව විදියවත් තෝරගන්න ගියොත් ඔයා අනාතයි!
මොකද ” ඔයා එයා නෙවෙයි ! ඔයා ඔයාමයි!”

ඉතිංඑහෙනන් කොහොමද තෝරගන්නෙ?

මේ එක ක්‍රමයක්.

ඔයා ආසාවෙන් කරන්න කැමති රැකියා ලිස්ට් එකක් හදන්න!
ඊට පස්සෙ ඒ රැකියා පුරප්පාඩු අන්තර්ජාලයේ සොයන්න!
ඊට පස්සෙ තීරනය කරන්න. එ
තියෙන වැටුප ප්‍රමානවත් ද?
ප්‍රමානවත් නම් ඒ ඉල්ලලා තියෙන සුදුසුකම මොනාද ?
( මෙතනදි දැනගන්න පුලුවන් පහසුවෙන්ම job market එක කොහොමද? ජොබ් එක ලොකුවට තිබ්බට පඩිය කොහොමද වගේ දේවල්)
ඒ විදියට තමන් කැමති ඉහලම තනතුරේ ඉදන් පහලම තනතුරට පොඩ්ඩක් මහන්සිවෙලා ගවේෂණයක් කරන්න!
අන්තිමෙදි තමන් තෘප්තිමත් වෙන තැනදි නැවතිල, අදාල සුදුසුකම සම්පුර්ණ කරගන්න ඕන පාඨමාලව තෝරගන්න!
රැකියා හා සුදුසුකම දැනගන්න මේ ලින්ක් දෙක පාවිච්චි කරල බලන්න!
www.topjobs.lk
www.job.govdoc.lk/new-job/

දෙවෙනි ක්‍රමය,

ඔයා ආස කරන field එකක් තියෙනවනම්!
ඒ field එකට අදාල course බලන්න. ඒ පාඨමාලාවට අදාල සුදුසුකම එතනින්ම බලල ඉල්ලුම් කරන්න!
(එතකොට ඉතින් හොදම දේ. කලින් ඒ පාඨමාලාව කරපු අය ගැන හොයලා බලන එක)
මේ ලින්ක් එක ඒකට උදවු වේවි!
http://vtasl.gov.lk/program/program-details/

තුන්වන ක්‍රමය!

තමන් කාගෙන් හරි අහගත්ත! තමන්ට ගැලපෙනව කියල හිතෙන පාඨමාලාවක් කරන එක!
එහෙම පාඨමාලාව දන්නවනම් උඩ ලින්ක් එකෙන් හෝ පහතින් දාන ලින්ක් එකෙන් පාඨමාලාව හා ලගම ආයතනය තෝරගන්න!

http://www.nvq.gov.lk/Insreg_Home/Insreg_Institute_Select_Search_NVQ_Course.php

මෙතන තියෙනවා. තමන්ගෙ දිස්ත්‍රික්කයේ තියෙන සියලුම NVQ පාඨමාලා හා අදාල ආයතන පිලිබද විස්තර!
ඉතිං ඔයාට පාඨමාලාවක් තෝරගන්න පොඩි හරි සහයෝගයක් මේකෙන් ලැබෙන්න ඇති කියල හිතනව.

*** විශේෂයෙන්ම කියන්න ඕනෙ තමන් කැමතිදෙයට මුල් තැන දෙන්න. මොකද ඔයා මේ කරන්නෙ නිකම්ම පාඨමාලාවක් නෙවෙයි . ඔයාගෙ ජීවිතේ අවසානය දක්වා ඔයාගේම කොටසක් විදියට හිතන්න.
හරියට ඔයා කන කෑම එක වගේ තමයි! හැමදාම කන්නෙ ඔයා ආස කරන දෙයක් නම්, ඔයා සතුටින් ! ගුනයි උනත් ඔයා හැමදාම කන්නෙ ආස නැති දෙයක් නම්! සතුටක් නෑ ඉතිං!
හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ. හැමෝම දන්න දේවල් වලින් අනිත් අය දැනුවත් කරන්න.

ගොඩක් අය උඩින් පල්ලෙන් පාඨමාලාව කරල ජොබ් නෑකිය කිය ගෙදර ඉන්නව!,
තවත් අය තමන්ගෙ ජොබ් එකට කෙලවෙයි කියල ඒක හරි නෑ අපරාදෙ කරේ කිය කිය ඉන්නවා!
තමන් හරියට කලොත්! තමන් ගොඩ! අද්දැකීමෙන් කියන්නෙ!
ලංකාවෙ අද වෙනකොට රැකියා ඉල්ලුමට හරියන්න සේවකයො නෑ!
අරයගෙන් මෙයාගෙන් එයා කොහොමද මෙයා කොහොමද කියලා අහන්නෙ නැතිව, මන් මෙහෙමයි කියල තමන්ම සතුටුවෙන තැනට එන්න! හැමෝටම පුලුවන්!
තව පොඩි දෙයක් කියන්නම්!

Uncommon දෙයක් කරන්න බලන්න! මොකද එතකොට vacancy වලට තරගයක් නෑ!
ආයතනයක් තුල විතරක් නෙවෙයි , තමන්ටම කියල ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්දෙයක් කර්න්න!

එහෙනම් හැමෝටම ජයවේවා!

(මේ මගේ අදහස. උඩ ලින්ක් වලට ගියාම වටේට වැටෙන ඇඩ් වලට වවකියනු නොලැබේ)
ඕන දෙයක් අහන්න! දන්න දෙයක් කියල දෙන්නම්!
0702232068

කතුහිමිකම් © කේ.වී. තිලිනා. කේ.වී. තිලිනා මහතා ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අධිකාරියේ කථිකාචාර්යවරියකි – රොක් හිල්, බදුල්ලා,

මූලාශ්‍රය : https://web.facebook.com/groups/NVQSriLanka/permalink/717560495631337/

Leave your thought here

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the compare bar
Compare
Alert: You are not allowed to copy content or view source !!

Claim this Content/Material