අපනයන ක්‍රියාවලිය
පෙබරවාරි 10, 2021 2021-04-04 11:21අපනයන ක්‍රියාවලිය
අපනයන ක්‍රියාවලිය
අපනයනය තුලින් ජිවීතය ජය ගැනීම
කුලු බඩු ආශ්රිත අපනයන ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?
“මට අපනයන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනේ.කොහොමද ඒක කරන්නේ?” බොහොමයක් මා හමුවට එන අය මගෙන් අහන ප්රශ්නයකි. ප්රශ්නය සරල වුවත් පිලිතුර ඒසේ නොවේ, සංකිර්ණය.
බොහෝමයක් අපනයන ව්‍යාපාර ආරම්භයේදීම කඩා වැටෙන්නේ මෙම සංකීර්ණත්වය මුලදීම අවබෝධ කර නොගැනීම නිසාය. මන්ද යත් අපනයන ව්‍යාපාරයක් යනු විවිධ වු භූගෝලීය, නීතිමය, පාරිසරික හා පාරිභෝගික අවශ්‍යතා සමග කරන ගනුදෙනුවකි. එය දේශීය ව්‍යාපාර වලට වඩා හාත්පසින්ම වෙනස් වු සංසිද්ධියකි.
සරළව කියතොත් අපනයනය යනු රටවල් දෙකක් අතර කෙරෙන භාණ්ඩ හා සේවා වෙළදාමකි. මෙහිදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනයා ද එම භාණ්ඩ හා සේවා මිළදී ගන්නා හෝ පාරිභෝගිකයා ද එම භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර හුවමාරු වන ක්‍රමවේදය ද ඇතුලත් වේ. තවත් අයුරකින් කිවහොත් මෙහිදී සිදු වන්නේ වෙනත් රටක සිටින පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාවය පරිදි මෙරට ව්‍යාපාරිකයා විසින් නිපදවනු ලබන භාණ්ඩ හා සේවා අදාල පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමකි.
කුළුබඩු ආශ්‍රිතව අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සලකා බලනු ලබන කරුණු කිහිපයකි.
A) භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය
B) විදේශීය ගැණුම්කරුවා සොයා ගැනීම
C) ව්‍යාපාරය සදහා අරමුදල් සපයා ගැනීම හා ව්‍යාපාර
කළමනාකරණය
මෙය සරල පියවර තුනක් ලෙස පෙනුනද මෙහි අන්තර්ගතය බොහෝය. තනි ලිපියකින් විස්තර කල නොහැකි සංකීර්ණ කරුනකි. නමුත් දැඩි කැමැත්ත, නොපසුබස්නා වීර්යය, පැහැදිලි ඉලක්කය, වැරදීම් වලින් ඉගෙන ගැනීමේ හැකියාව හා අවංක බව ඇති ඕනෑම කෙනෙකුට ව්‍යාපාර ලොවේ ඉහලටම නැගිය හැකි බවට සාක්ශි අප අවට ඕනිවටත් වඩා තිබේ.මට කල හැක්කේ මග පෙන්වීමයි. ගමන යෑම ඔබගේ වගකිමයි. පටන් ගන්න. මම කියලා දෙන්නම්.
චීන කියමනක් තියනවා සැතපුම් දාහක ගමනක් පටන්ගන්නේ එක තනි පියවරකින් කියලා.
ගමන දුරයි, දිගයි, අමාරුයි කියලා පටන් ගන්නෙ නැතිව හිටියොත් කවදාවත් ගමන යන්නෙ නෑ. ඒ නිසා අදම පටන් ගන්න. ඔයා ගැන විශ්වසය තබන්න.
මම මේ කියන කරුනට අදාලව ඉදිරියේදී මම මගේ දනුම හා අත්දැකීම් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඔයාලා දන්න දේත් මට කියන්න.
කවුරු හරි පටන් ගන්න ඕනෙ. නැත්තන් අපිත් අපේ රටත් එකම තැන පල්වෙයි. අපි දැනටත් පරක්කු වැඩි නෑ.
කෘෂි ව්‍යාවසාය හා ව්‍යාපාර කලමණාකරණය, ගෝලීය වෙලදාම, පසු අස්වනු හා අගය එකතු කිරීමේ තාක්ෂණය, තත්වය හා ප්‍රමිතිය මෙන්ම මානව කුසලතා, ආකල්ප හා දැනුම කලමණාකරණය තුලින් ලෝකය ජය ගන්නෙ කොහොමද කියන එක අපි ඉදිරියේදී කතා කරමු.
මේ කතාවට සීමා නෑ…
කනිෂ්ක ගීත් වික්‍රමසිංහ
සහකාර අධ්යක්ෂ : මහනුවර දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
https://web.facebook.com/dea.gov.lk/posts/424745795544149